Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Thursday, September 20, 2012

මෙන්න තවත් සුපිරිම ගේම් එකක් කෝල් ඔෆ් ඩියුටි කැලේ. BELLLEFIELD 3

මෙන්න තවත් සුපිරිම ගේම් එකක් කෝල් ඔෆ් ඩියුටි කැලේ. 
BELLLEFIELD 3 


මේ පාර අපි දෙන්න යන්නෙ නියම ගේම්ස් එකක් මේ වන විට ඉතා ජනප්‍රිය call of duty පරිගනක ක්‍රීඩාව හා කරට කර තරග වදින battlefield 3 ගේම් එක තමයි අද අපි දෙන්න යන්නේ.හරි අපි පොඩ්ඩක් මේ ගැන දැනගෙන ඉමු. 

Dice සමාගම විසින් නිර්මානය කරනලද මේ ගේම් එක නිකුත් කලේ සුප්‍රසිද්ද electronic arts සමගමයි. first person shooter පරිගනක ක්‍රීඩා ලෝලීන් අතර මේ වන විට සුප්‍රසිද්ද battlefield 3 වීඩ්යෝ ක්‍රීඩාව පෙර නිකුත් වු call of duty 3 ක්‍රීඩාවටත් වඩා සාර්තකයි කියල තමයි මට නම් හිතෙන්නේ.මේ ගේම් එක නිකුත් කල පලමු සතියෙම පිටපත් මිලියන 5 ක් විකුනලා තියනවා.එකෙන් හිතාගන්න පුලුවන්නේ මේ ගේම් එකෙ තියන ජනප්‍රියතාවේ. 



2005 වසරේ නිකුත් කරන ලද battlefield 2 වීඩ්යෝ ක්‍රීඩාවේ මීලග කොටස වන මෙය battlefield ක්‍රීඩා මාලාවේ 11 කොටස වේ . යුද භූමියක ත්‍රිවිද හමුදාවම පාලනය කිරීමේ අවස්තාව ලබා දෙන මෙම ක්‍රීඩාව විටෙක පාබල සෙබලෙකු ලෙසටත් ,තවත් විටෙක ගුවන් යානා නියමුවෙකු ලෙසටත්,වරෙක රියදුරෙකු ලෙසටත් ක්‍රීඩාව මෙහෙය වීමට අවස්තාව ලබා දේ .වර්තමානයේ ඇති හොදම සජීවීකරන හා ග්‍රැ‍ෆික් යොදා ගනිමින් නිපදවා ඇති battlefield 3 මෙය ඔබට වරක් නොව දෙවරක් තුන් වරක් උවත් ක්‍රීඩා කිරීමට සිතෙන ආකාරයේ පරිගනක ක්‍රීඩාවකි. 

මෙහිදී ඇමරිකාව ,ප්‍රන්ශය හා ඉරානය වැනි දේශයන් වල සටන් වදිමින් ත්‍රස්තවාදය නෙරපාලීමේ වගකීම බාර වන අතර එහිදී විවිද උපක්‍රම බාවිතා කිරීමටද සිදුවේ.පලමුව මෙම ක්‍රීඩාව අනාගත 2014 වසරේ ඉරාන ඉරාක දේශසීමාවන් ආරම්බවන අතර එතැන් සිට සාජන්ට් හෙන්රි බ්ලැක්බර්න් නම් හමුදා සොල්දාදුවගේ චරිතය මෙහෙය වීම ඔබට බාරව තිබේ. call of duty පරිගනක ක්‍රීඩාව මෙන් එකම තේමාවකට කො‍ටු වීමකින් තොරව මෙහිදී විවිද තේමාවන් ඔස්සේ මෙහෙයුම් වලට සහබාගී වීමට අවස්තාව ලැබේ.විශේශයෙන් ඔබ මින් පෙර නිකුත් වු කිනම් හෝ battlefield වීඩියෝ ක්‍රීඩාවක් ක්‍රීඩා කර ඇත්නම් මෙම ක්‍රීඩාව ඉතා පහසුවෙන් ක්‍රීඩා කිරීමට හැකි වේ. 


කීඩාව පුරාවට ඇති සිය ගනනක් වු ගිනි අවි අතරින් තමන්ට ගැලපෙන පහසු අවිය තොරා ගැනීමෙන් පසුව ක්‍රීඩාව පුරාවටම පහසුවෙන් මෙහෙයුම් ජය ගැනීමට ඔබට හැකිවේ.තාක්ශන්යේ උපරිම පල නෙලා ගනිමින් frosbite 2 වීඩියො ක්‍රීඩා තාක්ශනය යොදා ගනිමින් නිර්මානය කර ඇති battlefield 3 වීඩියෝ ක්‍රීඩාව යුද සංග්‍රාමයක අත්දැකීම විද ගැනීමට කැමති හැමෝම අනිවා ක්‍රීඩා කල යුතුම ගේම් එකකි 



System requirements

Processor – core 2 duo 2.4 ghz 
Ram – 2 gb 
Os – win 7 /vistar /win 8 
Hdd – 20 gb geforce 8800 gt with pixel shader 5.0 or better