Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Sunday, September 9, 2012

ටොරන්ට් එකක් කියන්නෙ මොකද්ද





මෙහෙමයි යාලු, ටොරන්ට් එකක් කියන්නෙ මොකද්ද කියනවට වඩා ඔයාට තේරෙයි ටොරන්ට් එකක් වැඩ කරන්නෙ කොහොමද කියලා කිව්වොත් (ඇත්තම කිව්වොත් මට තමා එහෙම කියන එක ලේසි ) 

අපි සාමාන්‍යයෙන් ඉන්ටනෙට් එකෙන් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරනකොට ඒක ඩවුන්ලෝඩ් වෙන්නෙ කොහෙහ...රි තියන සවර් පරිගනකයකින්. ඒත් ටොරන්ට් එකක් කියන්නෙ එහෙම එකක් නෙවේ. අපි ටොරන්ට් ඩවුන්ලෝඩ් කරනකොට ඒක ඩවුන්ලෝඩ් වෙන්නෙ තවත් මේ ලෝකෙ ඉන්න ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්තු සහ ඩවුන්ලෝඩ් කරමින් ඉන්න අයගේ මැෂින් වලින්. ඒ කියන්නෙ කෙනෙක් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සෙ එයා ඒ ෆයිල් එක අනිත් අය අතරේ බෙදාගන්න කෙනෙක් වෙනවා (seeder කෙනෙක්). අපි ඩවුන්ලෝඩ් කරගත්තට පස්සෙ අපිටත් පුලුවන් seed කරන්න. 

එහෙම බැලුවම මේක මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම අනිත් අයත් එක්ක සහයෝගයෙන් ෆයිල් හුවමාරු කරගන්න ක්‍රමයක්. මේකෙදී ප්‍රධාන සවර් පරිගනකයට වැඩි පිරිසක් එකපාර සම්බන්ඳ වෙන්නෙ නැති නිසා ස්ලෝ වීම අඩුයි. 
මේක මේ පට්ට සරල මෝඩ විස්තරකිරීමක් යාලු. සරල අදහසක් ගන්න විතරයි මෙහෙම කිව්වෙ. ටොරන්ට් ගැන කියනවනම් තව ගොඩක් දේවල් තියනවා.