Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Saturday, September 22, 2012

ට්‍රයල් වර්ෂන් සොෆ්ට්වෙයා අපේම කරගෙන පාවිච්චි කරමු


ට්‍රයල් වර්ෂන් සොෆ්ට්වෙයා අපේම කරගෙන පාවිච්චි කරමු



මෘදුකාංග වල ඔර්ජිනල් සංස්කරන මිලදී ගත නොහැකි අපි වගේ දුප්පත් රටවල මෘදුකාංග ලෝලීන්ට පවතින ගැටලුවක් තමයි බොහෝ ප්‍රයෝයනයට ගත හැකි මෘදුකාංග අන්තර්ජාලයෙන් බාගත්තත් ඒවා නොමිලේ ලබා දෙන්නේ නිශ්චිත දිනගනනකින් පසු නැත්නම් ට්‍රයල් වර්ශන් වශයෙන්.එදිනෙන් පසු එම සොෆ්ට් මිලට ගත යුතුම වෙනවා.ඉතින් එහෙම සොෆ්ට් මිලට ගන්න සල්ලි නැතිව ඉන්න අයට මේ සොෆ්ට් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. මේ සොෆ්ට් එකෙන් කරන්නේ ට්‍රයල් වර්ෂන් සොෆ්ට්වෙයා මේ මගින් ට්‍රයල් සංස්කරන වල දින දීර්ග කර දීමයි.
කොහොමද ? මරු නේද?

දැන් බලමු මේක කරන්නේ කොහොමද කියල



01 මුලින්ම පහලින් මෘදුකාංගය බාගත කරගන්න.බාගත කරගෙන කොම් එකට ස්තාපිත කරගන්න.

02 ඉන් පසු පරිගනකයේ ඩෙක්ස්ටොප් එකට එන ශෝට්කට් එක මත ඩබල් ක්ලික් කර එය ඕපන් කරගන්න.

03 මෙහි අංක2 න් පෙන්වා ඇති ස්තානයේ ඔබේ ට්‍රයල් සංස්කරනයේ ප්‍රදාන එක තිබෙන ස්තානය පෙන්වා දෙන්න.

04 අංක 3 න් පෙන්වා ඇති ස්තානය මගීන් ඔබේ පරිග්නකය අද දිනයට පසු දිනක් ‍තෝරාගන්න.මෙම දිනය ඔබේ ට්‍රයල් සංස්කරනය අවසන් දිනට පෙර දිනක් යොදාගන්න.

05 අංක 4 වන ස්තානයට ලබාදිය යුත්තේ ඔබ විසින් නව දිනය සහිත සංස්කරනයේ ඩෙක්ස්ටොප් අයිකනයට ලබා දෙන නමයි.ඒ සදහා ඔබට කැමති නමක් දෙන්න.

06 ඉන්පසු creat dekstop shotcut බටන් එක ක්ලික් කරන්න .එවිට ඩෙක්ස්ටොප් එකට ඔබ හදපු අයිකන් එක තියෙයි.

07 මෙම අයිකනය සාදා ගත් පසු ඔබෙ එම ට්‍රයල් සංස්කරනය විසින් ඩෙක්ස්ටොප් එක මත සහ ස්ටාර්ට් මෙනු එකෙහි පෙරදී සාදා ඇති ෂෝට් කට් සහ අයිකන් සියල්ල මකා දැමිය යුතුයි.

මින් පසු වැඩේ අවසන් .දැන් එම ට්‍රයල් වර්ශන් එක දිගුකාලයක් පාවිච්චි කරන්න ඔයාලට පුලුවන්