Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Thursday, September 13, 2012

දුරකතන වයිරසයෙ ඉතිහාසය


දුරකතන වයිරසයෙ ඉතිහාසය

පරිගනක බාවිතා කරන බොහො පිරිස් ඒවාට එල්ල විය හැකි වයිරස පිලිබදව සිටින්නෙ විමසිල්ලෙනි..එහෙත් දුරකතන සම්බන්දව නම් විමසිලිමත් වන්නෙ සුලු පිරිසකි..කෙසි වෙතත් පසු ගිය 2010 මැයි මස සිදු වු සිදුවීමක් නිසා නැවතත් ජනතවගෙ ඇස් අරවන ලදි..දුරකතනයට එන පනිවිඩයක් ඔස්සෙ ඊට පිලිතුරු දෙන පුදිගලයා මිය යනවා යනුවෙන් පැතිර ගිය කට කතාව මෙකී සිදු වීමයි..
පහත සඩහන් වන්නෙ එම දුරකතන කෙටි පනිවිඩයයි..
“don’t  attend any calls from 7888308008,931604812,9876266211,9888854137,9876715587.these number come in red colours.you may get brain in hemorrhage due to high frequency.27person died just receiving the call.watch dd news to confirm.please inform all your friends and relatives soon ..its urgent”
දුරකතන වයිරසයක් යනු දුරකතනයට බාදා පමුනුවන අන්දමින් ක්රියත්මක වන තවත් එක වැඩසටහනකි.මේ අන්දමෙ වයිරසයක් ගැන වාර්තා වන්නෙ 2004 වසරෙ ජුනි මාසයෙය.එය මෙය දුරකතනයකින් තවත් දුරකතනයකට කෙටිපනිවිඩයක් මගින් මුදා හැරිය හැකි වයිරසයකි..මුල්ම වයිරසය වාර්තා වු දින සිට අද දක්වා හදුනගෙන අති වයිරස් කිපයකි.. මෙවා වේ..
Cabir
Skulls
Commonwarrior
Locknut
Fontal



Cabir  පිලිබද මුල්වරට වාර්තා වන්නෙ 2004 වස්රෙ ජුනි මස තුලදියි..එය bluetooth උපාන්ග මගීන් පැතිරෙන අතර symbian series  60 මෙහෙයුම් පද්දති සහිත දුරකතන ඉලක්ක කොට ගෙන නිපදවා තිබේ..

2004 නොවැම්බර් මස Skulls නම් දුරකතන වයිරසය සම්බන්දයෙන් මුල් වරට කරුනු අනාවරනය වු අතර එයද symbian මෙහෙයුම් පද්දතිය ඉලක්ක කර නිපදවන ලද්දකි..ඉන්ටනෙට් හරහා download කිරීම් වලදී මෙම වයිරසය ඇතිලුවේ.මෙම වයිරසයෙ ඇති බයානක කම වන්නෙ කෙට් පනිවිඩ යැවීම සහ දුරකතන පනිවිඩ ලබගැනීම (receiving calls ) හැර දුරකතනයෙ අන් සියලු  පහසුකම් නැතිවී යයි..
Commonwarrior නමින් හදුන්වන්නෙද තවත් එක් දුරකතන වයිරසයකි..2005 ජනවාරි වලදී මෙය හදුනාගත් අතර symbian series  60 මෙහෙයුම් පද්දති බාවිතා කරන දුරකතන වලට මෙහි බලපැමක් තිබෙයි.. Commonwarrior පැතිරෙන්නෙ bluetooth  සහ mu හරහාය..  phonebook හි ඇතුලත් සියලුම අ0ක වලට mms පනිවිඩ send  වීම මෙහි ඇති හානියයි.
2005 මාර්තු මස තවත් වයිරසයක් වාර්තා වු අතර එය නමින් Locknut හදුනාගෙන තිබෙ..මෙහි බලපැමද අත්තෙ symbian series  60 මෙහෙයුම් පද්දති සහිත දුරකතන වලටය..දුරකතනයෙ සියලු පහසුකම් නැතිකිරීමක් මේ වයිරසය මගීන් සිදුකරයි..අන්තර්ජාලයෙ සිදුකෙරෙන බාගත කිරීම් වල දී මෙම වයිරසය දුරකතනයට attach විය හැකිය..
Fontal වයිරසයද symbian series  60 මෙහෙයුම් පද්දති සහිත දුරකතන වලට හානි කරන අන්දමේ වයිරසයකි.ඒ පිලිබද මුල් වරට වාර්තා වන්නෙ 2005 මැයි මාසයේ දීය.. අන්තර්ජාලයෙ සිදුකෙරෙන බාගත කිරීම් වල දී මෙම වයිරසය දුරකතනයට පැමිනිය හැකි අතර මෙ හේතුවෙන් දුරකතනය සම්පූර්නයෙන්ම විනශ විය හැකිය..