Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Thursday, September 20, 2012

I Pad තරගක‍රැ Samsung Galaxy Tab 10.1


I Pad තරගක‍රැ 
Samsung Galaxy Tab 10.1 



ඇපල් සමගම විසින් අයි පෑඩ් ටැබ්ලට් පරිගනකය ලොවට අදුන්වා මෙන් පසුව එයට අභියෝගයක් දියත් කරමින් පලමු ආක්‍රමනය දියත්කල සැම්සුන් සමාගම ඔවුන්ගේ Galaxy Tab ටැබ්ලට් පරිගනකය හදුන්වා දුන්නේය.එය නිකුත් කිරීමත් සමග ඉතා උනුසුම් කරට කර තරගයක් පසුගිය වසර මුලුල්ලේම ඇපල් හා සැම්සුන් සමගම් අතර පැවතිනි.කලින් කලට නව සංස්කරනයන් ඉදිරිපත් කල මෙම සමාගම් අතර මේ වන විට ඉදිරියෙන් සිටින ඇපල් සමාගම ඔවුන්ගේ I Pad 2 ටැබ්ලට් පරිගනකය මගීන් ඉතා හොද ආදායමක් උපයමින් සිටී.නමුත් දැන් එයට අභියොගයක් එල්ල කරමින් සැම්සුන්සමගම ඔවුන්ගේ නවතම Samsung Galaxy සංස්කරනය Samsung Galaxy Tab 10.1 ලෙසට වෙලදපොලට නිකුත් කර ඇත.



ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය Honeycomb 3.1 සංස්කරනයෙන් බලගැන්වී පැමිනෙන අගල් 10.1 ක සුවිසල් තිරයකින් සමන්විත මෙම Samsung Galaxy Tab 10.1 ටැබ්ලට් පරිගනකය ප්‍රොසෙසරයකින් සමන්විතය.එමෙන්ම එහි 333Mhz Nvidia Gefrce ග්‍රැ‍ෆික් ඇඩැප්ටරයකින් සහ 1Gb ‍රැම් මතකයකින් ද සමන්විත වීම නිසා එහි වීඩියෝ ක්‍රීඩා කිරීමේ පහසුකම ඉතාමත් ඉහල මට්ටමක පවතී.මීට අමතරව අහි 3Mp Auto Focus කැමරාවක් හා 16-32 Gb වැඩ් කරගත හැකි Flash Memory දාරිතාවයක් මෙන්ම Wi-Fi,Blutoot වැනි විශේශාංගද සමන්විත වේ විශේශයෙන්ම මෙහි එන විශාල අගල් 10.1 Touchscreen තිරය මගීන් ඔබ ඉදිරියේ සුපැහැදිලි දසුන් මවන අතර තාක්ශනයෙන් යුත් දසුන් නැරබීමටද මෙය උපකාරී වේ. 




මේ සියලු නවීන තාක්ශනික උපකරනයන් ස්මග පැමීන Samsung Galaxy Tab 10.1 ටැබ්ලට් පරිගනකය මේ වන විටත් වෙලදපොල ආක්‍රමනය කිරීමට සමත්වී තිබේ.මෙහි උපරිම බලපෑම එල්ලවී ඇති ඇපල් සමාගමේ I Pad 2 ටැබ්ලට් පරිගනකය මේ වන විට සැම්සුන් සමාගමට එරෙහිව නීතිය මගීන්ද විවිද ප්‍රහාර එල්ල කිරීම්ට වෙර දරමින් සිටියි.කෙසේ වෙතත් ඒ ඉයල්ලට වෙලදපොලෙ දී පිලිතුරු සපයන සැම්සුන් සමාගම මේ වන විටත් ආදායම් වාර්තා තබමින් වෙලදපොල ජයගෙන ඇත. 

ඇපල් I Pad ටැබ්ලට් පරිගනකය හා සාපේක්ශව ගත් කල මෙම Samsung Galaxy Tab 10.1 ටැබ්ලට් පරිගනකයේ කිසිම අඩුපාඩුවක් නොමැති තරම්ය.මෙහි මිලද සාපේක්ශව ඉතා ලාබදායි වීම මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් වෙලද පොලෙන් අවශය මෘදුකාංග නොමිලෙම ලබාගැනීමට හැකි වීම මෙහි ඇති ප්‍රදාන පහසුකම් ලෙස ඉදිරිපත් කල හැකිවේ. 


මිල අදික ඇපල් I Pad පරිගනකය සදහා ඉතා හොද ආදෙශකයක් වන මෙය වර්ග 2න්ම ලබාගැනීමට හැකිවේ.එසේම මෙහි එන ස්ටර්ලින් පවුම් 399 සිට ඉහලට වෙලදපොලෙන් ලබාගත හැකිවේ.