Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Saturday, September 22, 2012

අලුත්ම ආකර්ශනීය උබුන්‍ටු සංස්කරණය (Ubuntu 11.04 Natty Narwhal)


අලුත්ම ආකර්ශනීය උබුන්‍ටු සංස්කරණය (Ubuntu 11.04 Natty Narwhal)



සුපුරුදු පරිදි 2012 අප්‍රේල් මාසයේ දී නවතම උබුන්‍ටු සංස්කර්ණය වන (Ubuntu 11.04 Natty Narwhal) නිකුත් කරන ලදි..නමුත් මෙවර එය භාවිතය සෑම දෙනාටම නවමු අත්දැකිමක් වුයේ Canonical ආයෙතනයේ නිශ්පාදනයක් වන Unity Dekstop Environment තුල සැරිසැරීමේ අවස්තාව පරිශීලකයන්ට ලැබුනු හෙයිනි..වසර ගනනාවක් පුරා Ubuntu වල මුලික පරිසරය වු Gnome ගෙන් ඉවත්ව නවතම නිශ්පාදනයක් වෙත යොමුවී ඇත.. එයට අමතරව ලිනක්ස් නිර්මාතෘ ලිනස් ටොර්වෝල්ඩ්ස් පවා පැසසුමට ලක් කල ලිනක්ස් වල වේගය 50% කින් පමන වැඩි කරන ලද පේලි 200 කර්නල් Patch (200 Line Kernal Patch) නැටී තුල අන්තර්ගත වීම නිසා එය අත්හදා බැලීමේ දැඩි උවමනවක් බොහෝ දෙනගේ සිත් තුල ඇත.
නැටී-නාවල් බාගත කිරීමට අවශ්ය නම් මෙම ලින්ක් එක ක්ලික් කරන්න.


Ubuntu  ස්තාපනය කල වහාම Unity Dekstop Environment  හි ඇති වෙනස පිලිබද අදහසක් ඔබට දැනේවි..මෙහි ඇති වැදගත්ම අංගය වනුයේ දිස්වන Application  Launcher  උපකරනයි.එහි සුලබව බාවිතා වන හා දැනට ව්වෘත කොට පවතින යෙදුම් (Application) දිස්වේ.
Gnome  වල පැවති පැනල් ස්ංකල්පයන් බැහැර වී අනවශ්ය විට සැගවෙන Cairo Dock  වැනිවු මෙවලමක් යොදා ගැනීමෙන් Unity  වල තිරය ඉඩ ඉතිරි කිරීමට උත්සහා ගෙන ඇති බවක් පෙනේ.මේහා සමගාමීව බාවිතා කල හැකි යතුරු පුවරු කෙටි ක්‍රම (Shortcut) රාශියක් නැටී මගින් හදුන්වා දී ඇත.මෙමකෙටි ක්‍රම මගීන් තිර අතර මා‍රැ වීම වැනි බොහෝ ක්‍රියා ඉ‍ටු කරගත හැකි වේ.
මේ අතර Unity  පරිසරයට Side By Sid Windows  වැනි සමහර අංග එක් වී තිබීමෙන් නැටී වල විවිද කාර්යන් ඉ‍ටුකර ගැනීමේ පහසුවක් වී තිබේ.තව දුරටත් භාවිතයෙදී දකින්නට ලැබෙන්නෙ කවුලුවක් ව්වෘත කලවිට එහි ක්‍රියා තිරුව ඉහලින් ඇති Task Bar  තුලට අන්තර්ගතවන බවයි.මෙමගින්ද ඔබට නැටී මත වැඩ කිරීමට ඉඩ ප්‍රමානයක් ලැබෙයි.
පෙර පැවති සංස්කරනවල මෙන්ම නැටිවලද මෘදුකාංග පහසුවෙන් බාගත කිරීමට Ubuntu Software Center  හි සහය ලැබේ .නැටී ස්තාපනය කිරීමේදී ඔබට ලැබෙන මෘදුකාංග වලද වෙනස් වීමක් සිදුව ඇත.අනෙකුත් පරිශීලකයන් ලබාදුන් විවේචන නිරීක්ශනය කිරීමට හැකි වීම එහි ඇති නව විශේශිත ලක්ශනයකි.
Oracle ආයෙතනයෙන් Openoffice.Org කෙරෙහි ඇතිකල ගැටලු නිසා මෙවර එහි කේතය බාවිතා කොට එයට සමගාමී ව නිර්මානය Libre Office කල නැටී හි අන්තර්ගත කොට ඇත.මූලික ස්ංගීත වාදන මෘදුකාංගය ලෙස මෙවර Rhythmbox වෙනුවට  Banshee  අන්තර්ගත කොට ඇත.



සරලවම සදහන් කරන්නෙ නම් නැටී නාවල් යනු පරිශීලකයන්ට නවතම අත්දැකීම් රාශියක් ලබාදෙන මෙහෙයුම් පද්දතියක්. ඒ අත්දැකීම ඔයාලාට හොදයිද නැද්ද කියලා කියන්න ඕන ඔයාලම තමයි.

එහෙනම් කියවලා කොමෙන්ට් එකක් දාලා ඇඩ් එකක් ක්ලික් කරලම යන්න..