Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Thursday, September 20, 2012

අතීතයට ගොස් පරිගනකය සකසන System Restore

අතීතයට ගොස් පරිගනකය සකසන System Restore 


" මේ දැන් හොදට වැඩ කලා දැන් බූට් වෙන්නෙ නෑ " කරන්ට් එක ගිහින් ආවට පස්සේ දැන් වින්ඩෝස් වලට යන්න බෑ..මේක ඉතින් අපි කාටත් පොදු දෙයක්නෙ නේද? ඔයාගෙ කොම්පීටරේටත් වෙලා තියනවද? මගේ එකත් වෙලාවකට ලෙඩ දෙනවා.. 


ඔයාගෙ කොම් එකට එන වෛරස්,මැල්වයාර් එකක්,ස්පයිවෙයා එකක් නිසා ,නැති නම් ඔයා වින්ඩොස් වල සිදු කරපු මොකක් හරි සෙටින් වෙනස් කිරීම නිසා මෙහෙමවෙන්න පුලුවන්. මේ වගේ ප්‍රශ්න ආවොත් මේ ප්ර්ශ්න විසද ගන්න පුලුවන් විශේශ පහසු කමක් තමයි කියන්නේ.. System Restore මේ පහසුකම Xp,Vista ,Win 7 යන සංස්කරන 3 තියනවා. 
හදිස්සියේම ඔයාට මේ වගේ දෙයක් උනොත් .වින්ඩෝස් වලට ඇතුල් වෙන්න බැරි නම් ,ඔයාගෙ වටිනා කියන ෆයිල් එකක් මැකුනොත් මෙම ක්‍රියව මගීන් ඔයාගේ කොම් එක අතීතයේ දිනක තිබුන ආකාරයට හදන්න පුලුවන්. 



තාක්ශනික වශයෙන් ගත් කල ඔබගේ මෙහෙයුම් පද්දතියේ සිදුකල වෙනස් වීම් හා විවිද යෙදවුම් වලට කල වෙනස්කම් මෙම ක්‍රියව මගීන් ඒවා වෙනස් කිරීමට පෙර පැවති අවස්තාවක නැවත සැකසීමක් සිදු වේ.පරිගනකයට අලුතින් දෝශ සහිත මෘදුකාංග ඇතුල් කිරීම,සිස්ටම් ෆයිල් මකා දැමීම ,ආදිය ද System Restore ක්‍රියාව මගීන් නිවරදි කල හැකිය.බොහෝවිට මේ ආකාරයෙන් අලුතින් මෘඩුකාංග හෝ ඩිවයිස් ඩ්‍රයිවර් එකක් ස්තාපනය කිරීමේ දී වින්ඩෝස් විසින් අලුත් Restore Point එකක් තනා දෙනු ලබයි.අදාල ස්තාපනය දෝශ සහගත වුයේ නම් දිනය හා වෙලාව මගීන් නිවරදි Restore Point එක ‍තෝරා System Restore විදානය ලබා දීමෙන් පෙර කී දෝශාය Iට පෙර පැවති තත්වයට පත්වේ.මෙහිඩී පද්දති ගොනු පමනක් වෙනස්වන අතර පුද්ගලික ගොනු වලට කිසිම වෙනසක් සිදු නොවේ. 


වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ Start > Programs > Accessories > System Restor යන විදානය මගීන් ඔබට මෙම පහසුකම ලබාගත හැකැඉවේ.යම් හෙයකින් වින්ඩෝස් බූට් නොවන්නෙ නම් බූට් තිරය වෙත පැමිනීමට පෙර F8 යතුර එබීම මගීන් ලැබෙන බූට් ඔප්ශන් තිරය මගීන්ද ඔබට System Restore වෙත යා හැකිවේ.