Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Saturday, September 22, 2012

FACEBOOK හරහා මුදල් හුවමාරු කිරීම.

 
FACEBOOK හරහා මුදල් හුවමාරු කිරීම.


 
අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීමට බොහෝ දෙනෙකු පෙලබී සිටින්නේ එහි ඇති පහසුව හේතුවෙනි.එනම් මෙම කාර්ය සදහාම බැංකුවට යාම වෙනුවට අන්තර් ජාලය බාවිතා කිරීම සැබැවින්ම පහසුවකි.මෙම කටයුත්ත වෙනුවෙන්ම වෙන් වී ඇති වෙබ් අඩවි ගනනාවක් තිබෙන අතර  Facebook වෙබ් අඩවිය එහි අලුත්ම සාමාජිකයා බවට පත්ව ඇතැයි තොරතුරු වාර්තා වේ.
FaceBook හි ඇති Buxter නමින් හදුන්වන ඇප් එක ඔස්සේ ඔබට මුදල් හුවමාරු කිරීම ගෙවීම් සිදු කිරීම ආදිය සිදු කරගත හැකිය.දැනට යූරෝ සහ ඇ.ඩොලර් යන මුදල් ඒකක වලින් පමනක් මෙම කටයුතු කල හැකි අතර නුදුරේදිම ස්ටර්ලින් පවුම් ද මීට එකතුවනු ඇත.එමෙන්ම වෙනත් මුදල් ඒකකයන් බාවිතා කරන අවස්තාවකදී 5% මාරුකිරීමේ (Convert) ගාස්තුවක්ද අය කරනු ලැබේ.
සුප්‍රකට ClikandBuy නැමති අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කටයුතු වලට උපකාර වන වෙබ් අඩවිය facebook  හි මෙම නවතම උපාංගය සකස් කිරීමට සහයෝගය ලබා දී ඇති අතර ලොව පුරා මිලියන 13 කට අදික පිරිසක් ඔවුන් සමග එකතු වී ගනුදෙනු කරගෙන යාම සුවිශේෂී කරුනකි. facebook  හරහා මුදල් ගනුදෙනු කිරීමේදී පුද්ගලයෙකුට වරක් හිමි වන්නෙ උපරිම යූරෝ 50 ක් හෝ ඇ.ඩොලර් 45 ක් පමනි.
 
ClikandBuy වෙබ් අඩවියේ දෙවනියා වශයෙන් කටයුතු කරන christain von hammel - bonten  තම නවතම හදුන්වා දීම පිලිබද අදහස් දක්වා සිටින්නේ මේ අයුරිනි.


 
"මිනිසුන්ට පුලුවන් නම් තමන්ගේ පින්තූර,තොරතුරු, ආදිය facebook මාර්ගයෙන් හුවමාරු කරගන්න මුදල් හුවමාරු කරන්න බැරි ඇයි? හැබැයි අපි බැංකුත් එක්ක තරග කරන්න නම් සූදානම් නැහැ."
ඒ තමයි එයාගේ අදහස දැන් ඔයාලගේ අදහස් කියන්නකෝ…
අපිට ඒක ගොඩක් ලොකු හයියක් ඉස්සරහට පෝස්ට් ලියන්න..ෆලෝ පාරක් දාලා කොමෙන්ට් එකක් දාගෙන අපේ ගෲප් එකටත් ජොයින් වෙලා ලයික් එකකුත් දාගෙනම යන්න.
හොද නැත්තම් හොද නෑ කියලවත් යන්න.
 
තව දෙයක් බ්ලොග් වලට ඇඩ් දෙන සුවර්ම සයිට් එකක් දන්න කෙනෙක් කියන්න.ලොකු උදවුවක්..
මෙන්න අපේ ගෲප් එක : http://www.facebook.com/groups/ITHELPLANKA/
මෙන්න ඊමේල් එක : ITHelplanka@gmail.com