Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Thursday, September 27, 2012

හොද ග්‍රැ‍ෆික් කාඩ් එකක් තොරගන්නේ මෙහෙමයි


හොද ග්‍රැ‍ෆික් කාඩ් එකක් තොරගන්නේ මෙහෙමයි


පරිගනකයේ ඇති දෙයක් මොනිටරයෙන් දැකගැනීමට නම් පද්දති ඒකකයෙන් ලබා දෙන දත්ත වීඩ්යෝ දත්ත බවට හරවන්න ඕනනේ..ඉතින් ඒක කරන්නේ වීඩියෝ කාඩ් එකකින් .ඒ කියන්නේ ග්‍රැ‍ෆික් කාඩ් එකකින්.හැම කොම්පීතරේකම මේ වගේ වීඩ්යෝ කාඩ් එකක් තියනවා.හැබැයි ඒක මවුපුවරුවට සම්බන්ද වෙලා තියෙන්නේ.එවට අපි කියන්නේ ඔන්බොඩ් ග්‍රැ‍ෆික් කාඩ් කියලා. ඒ උනාට අපේ කස්ටියට නම් ඕක මදි.මොකද දන්නවද? 

අපේ අය ගහන ගේම් වල හැටියට බලන ‍ෆිල්ම් හැටියට 3d වගේ කරන නිසා ඔන්බෝඩ් වීඩියෝ කාඩ් එක ගොඩක්ම මදි.ඒ නිසා අපිට සිද්ද වෙනවා අලුත් වීඩ්යෝ කාඩ් එකක් අරගන්න. 

වීඩියො කාඩ් එකක් ගන්නකොට අපි බලන්න ඕන මොනවද? 

01 මිල 

02 කාර්යක්ෂමතවය 

03 භාවිතයට ගන්නා විදුලි ප්‍රමානය



ඔය ටිකක් විතරයි කිව්වෙ. 

මේ ටිකට අමතරව වීඩියෝ කාඩ් එක සිසිල් කිරීමට ගන්න තාක්ශනය ගැනත් හොයල බලන්න ඕන.හොද විදිහට හදල තියන ග්‍රැ‍ෆික් කාඩ් එකක් රුපියල් 15000 විතර වෙනවා.සල්ලි තියනව නම් රුපියල් 30000 කට විතර පොඩි ශබ්දයක් නිකුත් කරන වැඩි කාර්යක්ෂමතාවක් තියන ග්‍රැ‍ෆික් කාඩ් එකක් ගන්න පුලුවන්.ඔයාලට ඕන 3D දර්ශන ලබා දෙන වීඩියෝ කාඩ් එකක් නම් ඒකනම් පොඩ්ඩක් ගනන් රුපියල් 50000 විතර තමයි වෙන්නේ.ඒ උනාට මේ වගේ වීඩියෝ කාඩ් එකක් හයිකරන්න පුලුවන් Liquid Cooling පහසුකම් තියන මදර්බෝඩ් වල විතරයි. 

ඔයාගේ කොම් එකේ තියෙන්නෙ Liquid Cooling සිස්ටම් එක නොවුනත් EVEGA සමගමෙන් හදන GetForce GTX 295 වගේ ග්‍රැ‍ෆික් කාඩ් එකක් යොදාගන්න පුලුවන්.මේකේ තියන Dual -GPU බෝඩ් එක නිසා වැඩි බලයක් ලබා ගන්න පුලුවන්.ග්‍රැ‍ෆික් කාඩ් එක සිසිල්ව තියාගන්න නම් සිසිල් පංකා ගොඩක් වැදගත් වෙනවා.අඩු බලයක් තියන වීඩියෝ කාඩ් තියන කොම් වල ලොකු ලොකු ගේම් ගහනකොට වීඩියෝ කාඩ් එකේ තියන ෆැන් වල වේගෙ වැඩි වෙනවා කියලා ඔයාලා දන්නවනෙ.මේකට හේතුව තමයි ගහන ගේම් එකේ තියන දත්ත ඉක්මනට ඉක්මනට මොනිටර් එකට දෙන්න ඕන නිසා වීඩියෝ කාඩ් එකේ තියන ප්‍රොසෙසර් එක රත් වෙනව.ඒ උනාට වීඩ්යෝ කාඩ් එක කූල් කරන්න භාවිතා කරන නවතම ක්‍රමය Water Cooling තාක්ශනය තියනවා නම් අඩු සද්දයක් තමෛ එන්නෙ. 

Dual -GPU තාක්ශනයට හදන වීඩියෝ කාඩ් වල පරිපත 2ක් පවත්නා මෙමරි,ප්‍රොසෙසරය,පරිපත පුවරුව වගේ කොටස් තනි කොටසක් වගේ නිපදවලා තියනව.ඒ නිසා දෙගුනයක් වේගයක් මේවගෙන් ගන්න පුලුවන්.ඒ වගේම මේවගෙන් දෙගුනයක් තාපය ඇතිවෙනවා.මේ නිසාම ලොකු තාප අවශෝශක තහඩු හෙවත් හීට් සින්ක් හා සිසිලන ප්ංකා හයි කොරලා තියනවා හිකිස්...ඕං ඕකයි වැඩේ 

උදාහරනයක් විදිහට GETFORCE GTX 295 හා GETFORCE GTX 280 වගේ වීඩියෝ කාඩ් හදුන්වන්න පුලුවන්.ඔයාලා වතුරෙන් කූල් කරන වීඩ්යෝ කාඩ් වලට කැමති නැත්තම් සාමා්‍ය විදිහට ෆෑන් එකක් හයිකරලා තියන ග්‍රැ‍ෆික් කාඩ් එකක් ගන්න පුලුවන්.Nvidia සමාගමේ ඇති ග්‍රැ‍ෆික් කාඩ් උදාහරනයක් විදිහට ගන්න පුලුවන්.මොවුන් GETFORCE GTX 285 SUPERPIPES නමින් Liquid Cooling තාක්ශනයෙන් යුතු ග්‍රැ‍ෆික් කාඩ් කීපයක් හදුවලා තියන්වා. 



ඔන්න එහෙනම් අදට ඉවරයි.හොද ග්‍රැ‍ෆික් කාඩ් එකක් ගන්නකො එහෙනම්.මම ගියා බුදුසරනයි දෙවි පිහිටයි ඔක්කොටෝම..කොමෙන්‍ටුවක් කොටලම යන්න.බ්ලොග් එකේ අඩුපාඩු තියනව නම් කියන්න.අපේ ගෲප් එකටත් සෙට් වෙන්න. 

http://www.facebook.com/groups/ITHELPLANKA/ 

වැරදි තියනවා නම් ඒවට පොඩ්ඩක් සමාව දෙන්න හොදේ... 

අපි කැපුනා..