Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Thursday, September 20, 2012

ඡායාරෑපකරනයේ පුරෝගාමියා අවසන් ගමනේ?


ඡායාරෑපකරනයේ පුරෝගාමියා අවසන් ගමනේ? 



කොඩැක් යන නාමය පරම්පරා ගනනාවක් පුරා පාරිභෝගිකයන්ගේ සිත් තුල ‍රැදි විශිශ්ඨ වෙලද නාමයකි.විශෙශයෙන්ම ඔබ කැමරා සේය පටලයක් භාවිතා කොට ඇත්නම් කොඩැක් යන නාමය අමතක විය නොහැකි තරම්ය .කෙසේ වෙතත් අලුත්ම ආරංච් මාර්ග වලින් වාර්තා වන්නේ මේ ලෝක ප්‍රසිද්ද සමාගම බංකොලොත් වීමෙන් වැසීයාමේ අවදනමක පවතින බවයි. 

ඡායාරෑපකරනය සිනමාකරනය හා ගෘහස්ත වීඩියෝ කරනය ක්ශේත්‍රයන්හි ප්‍රමුකස්තානයක් දිනාගෙන සිටි කොඩැක් සමාගම පසුගිය දශකය මුලුල්ලෙම සෙමින් අගාදයට වැටෙමින් තිබුනු බව වෙලදපොල වාර්තා පෙන්නුම් කරයි.1996 වසරේදී ඩොලර් බිලියන 15.97ක් වු කොඩැක් හි වාර්ශික ආදායම 2010 වසරේ දී ඩොලර් බිලියන 7.18 ක් දක්වා පහත වැටී තිබුනි.එසේම 2007 වසරේ වනවිට ඩොලර් 30-35 අතර පැවති අහි කොටස් මිල මේ වන විට ඩොලර් එකටත් වඩා පහලට වැටී තිබේ .මේ තත්වය මත කොඩැක් සමගම කොටස් වෙලදපොලෙන් ඉවත්වීමේ අවදානමක් ද පවතී.තවත් මෙවැනි වෙලදපොල වාර්තා මිලෙන් පෙන්වා දෙන්නේ කොඩැක් සමාගම වෙලද අගය දැවැන්ත ලෙස පසු බැස ඇති බවයි. 



මෙම කඩා වැටීමට ප්‍රදානතම හේතුව ලෙස දැක්වෙන්නේ වෙලදපොල ප්‍රමානතා කෙරෙහි සමාගම විසින් දැක්වු අවදානය අඩු වීමයි.1984 වසරේ පැවති ඔලිම්පික් උලෙල සදහා අනුග්‍රාහකත්වය මගහැරීම මගීන් ජපානයේ ෆූජි‍ෆිල්ම් සමාගමට ඔලිම්පික් අනුග්‍රාහය දැරීමත් ,එමගින් ඇමරිකානු වෙලදපොලේ 17% ක තරම් ප්‍රමනයක කොටසක් ග්‍රහනයට හසු කර ගැනීමට අවස්තාව ලැබුනි. 

සේයා පටල ක්ශෙත්‍රයේ දැවැන්තයෙක් ලෙස නම් දරා සිටි කොඩැක් සමාගම සේයාපටල වෙලදාමෙන් විශාල ආදායමක් උපයා ගත්තේය.නමුත් ඩිජිටල් කැමරාවන්හි ආක්‍රමනයත් සමග සේයා පටල වෙලදාම පහල වැ‍ටුනු අතර එම ප්‍රවනතවය නිසි ලෙස වටහා ගැනීමට සමාගමට නොහැකි විය..පසුව කොඩැක් සමාගමද ඩිජිටල් ඡායාරූපකරනය නිශ්පාදන එලිදක්වන්නට වු නමුත් ඒ වන විටත් ඔවුන් ප්‍රමාදව සිටි අතර සැලකිය යුතු තරමේ වෙලදපොල ග්‍රහනය කරගැනීමට අපොහොසත් වීම නිසා ඔවුන්ගේ ආදායම පහත වැ‍ටුනි 



මේ වන විට සමාගම බංකොලොත් තත්වයට පත්ව ඇති අතර ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ සිය පේටන්ට් බලපත්‍ර අයිතිය විකිනීම මගීන් සිදුව ඇති අලාබය පියවා ගැනීමටයි.කොඩැක් යන නාමය මත සමාගමේ වටිනාකමෙන් වැඩි කොටසක් රදා පවතින අතර පේටන්ට් අයිතීන් විශාල ප්‍රමානයක්ද ඔවුන් සතුවේ.මේවන විටත් කොඩැක් සමාගම හෝ පේටන්ට් අයිතීන් ලබා ගැනීම සදහා කිසිවෙක් ඉදිරිපත් වී නැති අතර තම සමාගමෙන් ඉවත් කරනා සේවකයන්ගේ විශ්‍රාම දීමනා ගෙවීමෙන් නිදහස් වීම සදහා කොඩැක් සමාගම විසින් බංකොලොත් බාවය ගැන කරුනු දක්වා උසාවියට කරුනු දැක්වීමට සූදානම් වන බව වාර්තා වේ.. 



ඡයාරූපකරනයේ මූර්තිමත් කල නාමයක්වු කොඩැක් සමාගම නුදුරේදිම වැසීයන බව බොහෝ දෙනාගේ මතයයි.දශක ගනනාවක් පුරා ලොව පුරා අස්සක් මුල්ලක් නෑර සෑම දෙනෙකුම පාහේ පරිහරනය කල නිශ්පාදන ‍රැසකට හිමිකම් කී කොඩැක් සමාගම මේ වන විට අවසන් ගමනට සැරසෙමින් සිටීම එක් අතකින් දෛවයේ සරදමකි.