Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Saturday, September 22, 2012

ඔයලගේ කොම්පීතරේ කුනු අයින් කරන්න


ඔයලගේ කොම්පීතරේ කුනු අයින් කරන්න




පරිගනකයක් ටික කාලයක් භාවිතා කරන විට හාඩ් ඩිස්කයේ ඉඩ ප්‍රමානය අඩුවීම බොහෝ දෙනෙකුට පවතින ගැටලුවකි.සමහර අවස්තා වලදී කිසිම හේතුවක් නැතිව සිදුවන්නක් ලෙස පෙනෙන්නට තිබේ.හාඩ් එක තුල තැම්පත්වන අනවශ්ය ෆයිල් නිසා බොහෝ විට මේ ආකාරයට එහි ඉඩ ප්‍රමානය අඩු වෙන්න පුලුවන්.
අද අපි කියලා දෙන්නෙ හාඩ් එකෙ අනවශ්ය ෆයිල් ඉවත් කරගන්නා ආකාර දෙකක් ගැනයි..සමහර අය නම් දන්නවත් ඇති..දන්න අයට නෙමේ නොදන්න අයටයි මේ ලිපිය දාන්න හිතුවේ..
ඔබේ හාඩ් එකේ සැගවී ඇති අනවශ්ය ෆයිල් මොනවද බලමු.මෙහිදි අපේ උදවුවට එන්නේ spacesniffer මෘදුකාංගයයි.මෙය මෙගාබිට් 2 පමන කුඩා සොෆ්ට් එකක්..
පහලින් බාගන්න..



මේක තියෙන්නෙ ප්‍රොටබල් ආකාරයට නිසා ඉන්ස්ටෝල් කරන්න ඕන නැහැ.
මෙය ව්වෘත කරගත් පසුව  හාඩ් එකේ ඇති විශාල ෆයිල් සියල්ලම එහි අතුරු මුහුනතක පෙන්නනවා.හාඩ් එකේ ඉඩ ප්‍රමානයෙන් වැඩි කොටසක් භාවිතා කරන්නේ කුමන ගොනු වලින්ද යන්න ඉතා පහසුවෙන් දැනගන්න පුලුවන්.
මේ සොෆ්ට් එකේ තියන විශේශ ලක්ශනය වන්නේ එහි ඇති ‍ෆිල්ටර් විශේශාංගයි.මෙ මගින් ඔයලට අවශ්ය පරිදි මෙම සොෆ්ට් එකෙන් ලැබෙන ප්‍රතිපල හැඩගස්වා ගන්න පුලුවන්. මෙහි ඇති අතුරු මුහුනත ඇති කො‍ටු තුල ක්ලික් කිරීමෙන් තව දුරට විස්තර ලබා ගන්න පුලුවන්..සාමාන්‍ය පරිදි ඩිලීට් කරන්නත් පුලුවන්.

හරි පලවෙනි ක්‍රමේ ඉවරයි ..දැන් දෙවනි සොෆ්ට් එක දෙන්නයි ලෑස්ති...පහල ටිකත් කියවල බලන්නකෝ..


ඩිස්ක් ක්ලීනප් මගීන් ඉවත් කරන්න බැරි ෆයිල් එක පාරින්ම ඉවත් කරන්න පුලුවන් ඉතාමත් හොද සොෆ්ට් එකක් ලෙස සික්ලීනර් හදුන්වා දෙන්න පුලුවන්.මේ සොෆ්ට් එකෙන් වින්ඩෝස් පද්දතිය මගින් හා නිතර බාවිතා කරන වෙනත් සොෆ්ට් මගින් සාදන අනවශ්‍ය ගොනු ඔක්කොම පෙන්නන අතර ඒවා එක පාරින් මකා දාන්න පුලුවන්
පහලින් සී ක්ලීනර් සොෆ්ට් එක බාගන්න.



සි ක්ලීනර් සොෆ්ට් එක ඕපන් කලම ලැබෙන වින්ඩෝවේ දෙවනි ටැබ් එක වන ඇප්ලිකේශන් ටැබයට පිවිසීමෙන් පරිගනකයෙ ස්තාපනය කර ඇති ප්‍රමුකතම සොෆ්ට් වලට අදාල ඇති අනවශ්‍ය ගොනු වෙන්කොට පෙන්වන අතර ඒවායි ඔබට කැමති එකක් ‍තෝරා මකා දැමිමට පුලුවන්.මෙමගින් ඔබට වෙබ් බ්‍රව්සර් වල ඇති කුකීස් ඉවත් කරගන්න පුලුවන් ..ඔබට අවශ්‍ය තේරීම් සිඩුකොට රන් ක්ලීනර් බොත්තම ඔබන්න.
ඔන්න එහෙනම් ඔය සොෆ්ට් 2ක පාවිච්චි කරල ඔයාගෙ කොම්පියුටර් එකෙ තියන කුනු ටික සුද්ද කරගන්නකෝ..එහෙනම් අදට මම යනවා ..දීලා තියන ලින්ක් වැඩ නැත්තම් අපිට කියන්න..
පහලින් ඇති අපේ ඉමේල් එක

ITHelplanka@gmail.com
http://www.facebook.com/groups/ITHELPLANKA/